රාජපක්ෂලා පරාජය පිළිගනියි : සටන, විපක්ෂ නායකකමට?


රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා විශ්වාසය පළ කළ මොහොතේ සිට දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දැරීමට ඇති අයිතිය අහිමි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

එසේ ඡන්දය ප්‍රකාශ කළ මොහොතේ සිට මේ පාර්ලිමේන්තුව පවතින්නේ නම් ඔවුන්ට විපක්ෂ නායකත්වය සහ විපක්ෂය නියෝජනය කිරීමේ අයිතිය අහිමි වන බව තර්කානුකූලව සහ පාර්ලිමේන්තුවේ පසුගිය අත්දැකීම් අනුව පැහැදිලි කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඩලස් අලහප්පෙරුම මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment