තොණ්ඩමන් වතුකම්කරුවන්ගෙන් රිජෙක්ට් : සිරිසේනටත් ඒ ටිකද?
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (12) උදැසන සිට අවසන් කරන බවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසුව ද වතු කම්කරුවන් ඔහුට විරෝධය පලකරමින් තවමත් සේවයට වාර්තා කට නොමැති අතර වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩවර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට එම වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති හමුවක දී ජනාධිපති මෙම ඉල්ලීම සිදු කළේය.
වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමි විය යුතු බව තමා විශ්වාස කරන අතර, ඒ හා සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවරගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳව වතු සමාගම් සමග සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

0 comments :
Post a Comment