නිධන් හෑරූ 4 දෙනෙක්‌ අත්අඩංගුවට - කට්‌ටඩියාගේ වයස අවුරුදු 15 යි

දේව වරමක් ලැබී ඇතැයි කියන අවුරුදු 15ක සිසුවකු කට්ටඩියෙකු ලෙස පෙනී සිටිමින් නාවලපිටිය තිස්පනේ කන්ද කැලෑබද ඉඩමක නිදන් හාරමින් සිටියදී ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ පොලිස්
කණ්ඩායමක් විසින් එහි සීටි සිවුදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

පරම්පරා ඉඩමක පැරණි නිවසක් අසල සති දෙකක් පුරා දෝනා දෙකක් මාර්ගයෙන් නිදන් සොයමින් සිටි මෙම පිරිස පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.


කොත්මලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම ඉඩමේ දේවාලයක් සාදන මුවාවෙන් මෙම කාර්ය සිදුකිරීමට  මුල්වී ඇත්තේ එකම පවුලේ පිරිසක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ පවුලේ 10 වසර දක්වා ඉගෙනුම ලබා තිබූ 15 හැවිරිදි මෙම සිසුවාට දේවවරමක් ලැබී ඇති බවත් එම නිසා ඔහුට මෙම දේවාලය ඉදිකිරීමට සූදානම් වන මුවාවෙන් මෙම කාර්යය සිදුකර ඇති බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මෙම සිසුවා මෙම කාර්යයේ නිරතවී සිටියද ඔහු සතුවී තිබී දේව ආයුධ ඇතුළු පූජා භාණ්ඩ රැයක් මෙම පුද්ගලයන් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- සුරංග රාජනායක-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment