15 වැනි රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය මාර්තු මාසයේ : සම්පූර්ණ විස්තරය මෙන්න [Photos]
2019 මාර්තු මස 23 වන දින සන්ධ්‍යාවේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පහළොස්වන වැනි රයිගම් ටෙලීස් උළෙල පැවැත්වෙන බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධ සවිතර වාර්තාවකි.
මෙම උළෙලට පූර්වගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2019 මාර්තු මස 01 වන දින සන්ධ්‍යාවේදී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වේ.
මැදින් මාසය ශ‍්‍රී ලංකාවේ අපට සුවිශේෂී කාල වකවානුවකි. විශේෂයෙන් උත්සව සමයට සම්බන්ධ මෙම කාල වකවානුව සැම සිත් ප‍්‍රබෝධයෙන් පිරුණු උද්යෝගීමත් සමයකි. ගෙවුනු වසර දෙස ආපසු හැරී බැලීමට හොදම කාලයකි.
ගෙවුනු වසරක රූපවාහිනී අස්වැන්න මෙපමණ කෙටි කාල පරාසයකදී ඇගයීම හා සම්මාන උළෙලක් සංවිධානය කිරීම කොපමණ අභියෝගාත්මක වූවද, රයිගම් ටෙලීස් සදහා අපි මැදින් මාසය තෝරා ගත්තෙමු. පුංචි තිරය ඔස්සේ රස විදි නිර්මාණයන් හි උණුසුම වියැකෙන්නට පෙර, ඒවා ඇගයීම නිර්මාණකරුවන්ටත් එ්වා රස විදි පේ‍්‍රක්ෂකයන්ටත් එක හා සමාන වැදගත් කමක් හා රසයක් දනවයි. ගෙවුනු වසර සදහා පවත්වන සම්මාන රාත‍්‍රිය ප‍්‍රථම කාර්තුව තුළදීම පවත්වන්නට ශ‍්‍රී ලංකාවේ කිසිදු සම්මාන උළෙලකට කළ නොහැකි විය. ජාත්‍යන්තර වශයෙන්ද මෙම අභියෝගය ජය ගෙන ඇත්තේ ඔස්කාර් සහ ග‍්‍රෑමී පමණි. පසුගිය වසරේදී මෙම අභියෝගය ජය ගැනීමත් සමග රයිගම් ටෙලීස් තවත් පියවරකින් ජාත්‍යන්තර ප‍්‍රමිතියට සමීප විය.
‘‘රයිගම් ටෙලීස්’’ තම පහළොස් වන සම්මාන උළෙල සඳහා ආරම්භය සනිටුහන් කරන බව, ශ්‍රී ලාංකික රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සමස්ත ජනතාව වෙත ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශක එකහමාරක ඉතිහාසයකට උරුමකම් කියයි. එය සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. මෙපමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ‍්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමග බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.
යමක් වටින්නේ හර වටිනාකම් රැකගෙන දිනෙන් දින වෙනස් වන්නේ නම් පමණි. එකම රටාවකට සම්මාන ලාභීන් පෝලීමේ පැමිණ සම්මාන ලබා ගන්නා උළෙලක කිසිදු රසයක් නැත. පේ‍්‍රක්ෂකයින්ගේ උනන්දුවක් නැත. බොහෝ සම්මාන උළෙල වලදී පේ‍්‍රක්ෂක අත්පොළසන් නාදය පවා අඩුවෙමින් යන්නේ එකා පිටු පස එකා පැමිණ ලබා ගන්නා සම්මාන පෝලිමේ නීරස භාවය නිසාමය. ශ‍්‍රී ලාංකේය ජනතාවට අපූර්ව අත්දැකීමක් වු රයිගම් සම්මානය අතිවිශාල ජනප‍්‍රියතාවයක් ලැබුවේ එම රාමුවෙන් බැහැරවීම නිසා විය යුතුය.
රයිගම් ටෙලි සම්මාන උළෙල වසර පහළවකට පෙර ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සදහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එය සමස්ත රූපවාහිනි මාධ්‍යයම (සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්විය. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය කුසලතාවයන් ද පේ‍්‍රක්‍ෂක අපේක්‍ෂාවන් හා ටෙලි මාධ්‍යය සදහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි සම්මානය පසුව රයිගම් ටෙලීස් වෙයි. රයිගම් ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග‍්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අප මින් ඉදිරියට රයිගම් ටෙලීස් ගැන කතා කරමු.
රයිගම් ටෙලීස්, ටෙලිවිෂන් මාධ්‍යයේ සියලූ අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක‍්‍රීඩා, දේශපාලන, ප‍්‍රවෘත්ති, වාර්තා, රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ අංශ ඇතුලත්ය. එමෙන්ම රයිගම් ටෙලීිස් වෙතින් සම්මානයක් ප‍්‍රදානය කරන්නේ ජාතික මට්ටමින් සළකා බැලිය හැකි කුසලතාවන් සඳහා පමණි. ඒ සදහා රයිගම් ටෙලීස් අනුගමනය කරන සම්මතයන් ඇත. මේ නිසා රයිගම් ටෙලීස් ”ජාතියේ ටෙලි සම්මාන” වෙයි. රයිගම් ටෙලීස් සම්මානයට පාත‍්‍රවන විවිධ අංශ රැසකි.
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන
රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන පරාසය පුළුල් කළද ටෙලි නාට්‍ය සදහා ප‍්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප‍්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප‍්‍රදානය කරනු ඇත.
රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
පුංචි තිරයේ ජනප‍්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද පේ‍්‍රක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප‍්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප‍්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප‍්‍රවෘත්ති නිෙවිදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමේ (සම්ප‍්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.
මෙම සම්මාන උළෙලේදී ප‍්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප‍්‍රවේශක සදහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප‍්‍ර‍්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප‍්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සදහා නැවත අයදුම් කළ නොහැක.
ජනපි‍්‍රය සම්මාන
සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය පේ‍්‍රක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විදින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලූවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ පේ‍්‍රක්‍ෂක ජනතාව එය වැළද ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප‍්‍රකාශ කිරීමේ සාධාරණය පේ‍්‍රක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප‍්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත.
මේ සදහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ SMS ක‍්‍රමය ප‍්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග‍්‍රහණය කරවීම සදහා තම මතය ප‍්‍රකාශ කිරීමට පේ‍්‍රක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.
ජනප‍්‍රිය සම්මාන සදහා මනාප ප‍්‍රකාශ කිරීම පහසු කිරීම සදහාත් උළෙල පිළිබද යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සදහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් :(Mobile App) ද ක‍්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක.
2019 පෙබරවාරී මස 23 දින සිට 2019 මාර්තු මස 22 දින මධ්‍යම රාත‍්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. මේ සඳහා සහභාගිවන පේ‍්‍රක්‍ෂකයන් අතරින් 25 දෙනෙකුට උළෙල නැරඹීම සඳහා ප‍්‍රවේශපත‍්‍රය බැගින් ප‍්‍රදාානය කරනු ඇත. මෙම අවස්ථාව ඡයග‍්‍රහණය කරන පේ‍්‍රක්‍ෂකයන්ට තම දුරකථන අංකය ඔස්සේ රයිගම් ටෙලිස් ලේකම් කාර්්‍යාලයෙන් ලැබෙන ීඵී පණිවුඩය ඉදිරිපත්කර මුද්‍රිත ආරාධනාපත ලබා ගත හැකිය.
SMS යොමු කළ යුතු දුරකථන අංක: 0772 522 522 / 0702 722 722
ප‍්‍රණාම සම්මාන
රූපවාහිනී ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප‍්‍රණාම සම්මාන ප‍්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප‍්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ෙඡ්්‍යෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාඑමී මෙහෙවරක් ඉටුකල වූවන්ද විය.
මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප‍්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. මේ දක්වා ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානයෙන් පිදුවන් වන්නේ ආචාර්ය ඞී.බී.නිහාල්සිංහ, ශාන් වික‍්‍රමසිංහ, කලාශූරී ටයිටස් තොටවත්ත, කලාශූරී සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, ටෝනි රණසිංහ, ධර්මසේන පතිරාජ, පරාක‍්‍රම නිරිඇල්ල, ආචාර්ය ජයලත් මනෝරත්න, සිරිල් වික‍්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ විජේරත්න වරකාගොඩ යන ප‍්‍රවීණයන්ය.
රූපවාහිනී නාලිකා ඇගයීම
සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ’වසරේ ටෙලිනාට්‍ය නාලිකාව’ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සදහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ’වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත‍්‍ර වනු ඇත.
සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග‍්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.
නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල (Nominations Evening)
ශී‍්‍ර ලංකාවේ සම්මාන උළෙල සංස්කෘතියේ විප්ලවීය වෙනෙසක් සිදුකරමින් සම්මාන සදහා නිර්දේශිත නාම කල් ඇතිව ප‍්‍රසිද්ධ කිරිමේ උත්කර්ෂවත් උළෙළක් පැවැත්වීම රයිගම් ටෙලිස් විසින් හදුන්වාදෙන ලදී.
මෙවර සම්මාන උළෙල සදහා නිර්දේශීත නාම ප‍්‍රසිද්ධ කිරිමේ උළෙල Raigam Tele'es Nominations Evening නමින් 2019 මාර්තු මස 01 වැනි දින සන්ධ්‍යාවේදී කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනු ඇත.
සම්මාන උළෙල
සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස, සම්මානයේ අභිමාණය රැකෙන පරිදි සංවිධානය කර ඇති අතර රාජ්‍ය අනුග‍්‍රහයද මේ සදහා නොමදව ලැබේ. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ කලා ශිල්පීන්, නාලිකා ප‍්‍රධානීන් ඇතුලූ මාධ්‍යයේ සියලූ කොටස්රුවන් එකට මුණ ගැසෙන මෙම රාත‍්‍රිය අමතක නොවන අත්දැකීමක් වනු ඇත. සජීවී ලෙස උළෙල නැරඹීම ආරාධිතයන්ට පමණක් සීමා වන අතර පසුව එය රූපවාහිනි මාධ්‍ය ඔස්සේ නැරඹීමට සමස්ථ මහ ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.
විනිශ්චය මණ්්ඩලය
මෙවර විනිශ්චය මණ්්ඩලය සදහා විවිධ අංශ නියෝජනය වන පරිදි දස දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා මෙම උළෙලේත් වෙනත් සම්මාන උළෙලවලත් විනිශ්චය අත්දැකීම් ලැබුවන් වේ. තවද මැදහත් සිතින් නිර්මාණ විශ්ලේෂණය කිරීම උදෙසා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ නොවන නියෝජනයක්ද ජූරී සභාවට ඇතුලත් වේ. මෙවර විනිශ්චය මණ්ඩල ප‍්‍රධානත්වය දරන්නේ ප‍්‍රමුඛ පෙළේ විද්වතෙකු, ලේඛකයෙකු මෙන්ම කලා නිර්මාණ ඇගයීමේ විෂයයෙහි ප‍්‍රවීනයෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතාය. සෙසු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් වන්නේ මහාචාර්ය ආරියරත්න කලූආරච්චි, සිනමා විචාරක ජයසුමන දිසානායක, ප‍්‍රවීන සිනමා කැමරා අධ්‍යක්‍ෂක එම්. ඞී. මහින්දපාල, ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ෙඡ්්‍යෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, සාහිත්‍යවේදිනී ජයන්තා රුක්මනි සිරිවර්ධන, ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂක රංග දසනායක හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාෙවීදී අරුණ ගුණරත්න, ප‍්‍රවීන රූපවාහිනී තාක්ෂණවේදී ධනුෂ්ක ගුණතිලක යන මහත්ම මහත්මීන්ය, දමිළ මාධ්‍යය සම්බන්ධ විශේෂ උපදේශිකාව ලෙස ආචාර්ය අරුන්තතී ශ‍්‍රී රංගනාදන් මහත්මිය කටයුතු කරයි.
කලාකරුවන්ට පිදෙන දහසින් බැදි පියළි
අපේ රටේ පැවැත්වෙන සියලූම සම්මාන උළෙලවල් අතරින් සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප‍්‍රද්‍රනය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.
මේ යටතේ සම්මාන ජයග‍්‍රණය කළ ද නොකළ ද සියලූම නිර්දේශ ලාභීන් සදහා වර්ශයක කාලයක් සදහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරනයක් තිළිණ කෙරේ. මේ අනගි තිළිණය සදහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් දායකත්වය දරයි.
රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සදහා රුපියල් ලක්ෂ 25 ක් ඉක්මවන මුදල් ත්‍යාග, උළෙලේ හවුල් කාරීත්වය දරණ සම්පත් බැංකුව විසින් තිළිණ කරයි.
උළෙල නියෝජනය කිරීම සදහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය
1. ටෙලි නාට්‍ය - 2018 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
2. වෙනත් නි්ර්මාණ - 2018 වර්ෂය තුලදී ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප‍්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ.
3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඩකැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් (හඩකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සදහා හැර) මෙම උළෙල සදහා සුදුසුකම් නොලබයි.
4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සදහා අදාාල නාලිකාව මගින් හෝ තනිව අයදුම් කළහැකිය.
5. ප‍්‍රවෘත්ති නිවේදක සහ සම්ප‍්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සදහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.
අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම
රයිගම් ටෙලීස් 2018 උළෙල සදහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2019 ජනවාරි 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සදහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් පහත සදහන් ක්ෂණික ඇමතුම් අංකය හෝ 077 1061 976 / 508 මගින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.
අයදුම්පත් සමග තම නිර්මාණ VOB හෝ Mpeg වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මගින් පහත සදහන් ලිපිනය වෙත භාරදිය යුතුය,
රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාලය,
Lapro Technologies,
අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල, කොළඹ 03,
ක්‍ෂණික ඇමතුම්: 077 1061 606
සහයෝගී දායකත්වය
මෙවරද රයිගම් ටෙලීස් උළෙලේ සහයෝගී හවුල්කරු (In partnership with) ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේශීය බැංකුවක් වන සම්පත් බැංකුව දායකවේ. ශ‍්‍රී ලංකාවේ බැංකු ෙක්‍්ෂත‍්‍රයේ තාක්‍ෂණික පරිවර්තනයේ පුරෝගාමියාවූ සම්පත් බැංකුව ඉතා විශිෂ්ට සමාජ මෙහෙවරක නියැළි ආයතනික පුරවැසියෙකි.
ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ පෙර ගමන්කරු වන ඩයලොග් සමාගම සුපුරුදු පරිදි යෝජිත නාම උත්කර්ෂණ උළෙල සදහා දාායකත්වය ලබාදෙයි.
මෙවරද සම්මාන සදහා නිර්දේශවන සියළු කලාකරුවන් හා විශේෂ ප‍්‍රණාම සම්මාන ලාභීන් ඇතුළු ඇගයීමට ලක්වන සියළු කලාකරුවන් සදහා වාර්ෂික ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දෙමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්, රක්ෂණ හවුල්කරු ලෙස දායක වෙයි. මෙය ශ‍්‍රී ලංකාවේ සම්මාන උළෙල ඉතිහාසයේ කලාකරුවන් සදහා මේසා විශාල රක්ෂණාවරණයක් ලබාදුන් ප‍්‍රථම අවස්ථාවයි.
පසුගිය වසරේ දී මෙන්ම මෙවරද රයිගම් ටෙලීස් තාක්ෂණික අංශයෙන් හැඩගන්වන්නේ ඉමැජින් එන්ටර්ටේන්මන්ට් ආයතනයයි.
සුපුරුදු පරිදි රයිගම් ටෙලීස් උළෙල හැඩගන්වන්නේ ස්වේත චන්දනාදීලේපයයි.
රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය
වැඩිදුර තොරතුරු සඳහා
සඳිනි ධීරරත්න - 077 1061976
රෝහණ කුමාර - 077 1061508
දු.ක: 011 4886777, 011 4886888
ෆැක්ස්: 011 753341-2
ඊ මේල්: creations@raigam.lk
15 වැනි රයිගම් ටෙලීස් උළෙල සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මස 04 වැනි දින කොළඹ ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුව
මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ පිරිස අසුන්ගෙන සිටි පිළිවෙල (වමේ සිට දකුණට)
කිෂාන් තියඩෝර් මහතා : උප සභාපති - ද කිංඩම් ඔෆ් රයිගම්
පූජිත රාජපක්ෂ මහතා : ජ්‍යෙෂ්ඨ කළමණාකරු අලෙවි - සම්පත් බැංකුව
ආචාර්ය රවී ලියනගේ : සභාපති - ද කිංඩම් ඔෆ් රයිගම්
ගණක අමරසිංහ මහතා : කළමණාකාර අධ්‍යක්‍ෂ - ද කිංඩම් ඔෆ් රයිගම්
බුද්ධදාස ගලප්පත්ති මහතා : සභාපති - රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය




0 comments :
Post a Comment