විසුරුවීමේ ගැසට්ටුව හරිද - නඩුවේ තීන්දුව අද පස්වරු 4 ට


මේ වන විට රටේම අවධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙස යොමුවී ඇති
දිනෙන් දින ප්‍රමාද වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බව
වැඩිදුරටත් වාර්තා වේ.ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගය විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා දැනුම් දී ඇත.
මෙම තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම  නිවැරදි වුවහොත් මහමැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂ සූදානම් විය යුතු අතර විසුරුවීම වැරදි නම් නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කර වසර එකහමාරක් රජය පවත්වායමට ජනපතිට සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment