මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී



කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌
බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින්
එහි පාලනය සියතට ගෙන ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

බන්ධනාගාරය තුළදී රාත්‍රියට මත්පැන් පවා භාවිත කරමින් සුපිරි ජීවිත ගත කරන මෙම පාතාලයන්ගේ කටයුතුවලට කිසියම් බන්ධනාගාර නිලධාරියකු එරෙහි වුවහොත් එම නිලධාරියාට පමණක්‌ නොව පවුලේ අයටත් මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට මරණීය තර්ජන එල්ල කරන බවද වාර්තා වේ.

ජංගම දුරකථන ඔස්‌සේ ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් සමග ප්‍රසිද්ධියේ කතා බහ කරන මෙම කල්ලියේ මැරකම් හමුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සෙසු රැඳවියන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment