රනිල් කරුමය නැති කරන්න අපි පින් කරමු සතියක් තුළ සියල්ල විසඳේවි - ජනපති

https://www.gossiplankanews.com/2018/12/maithripala-sirisena-speaks.html
ද ශ්‍රීලනිප සම්මේලනය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුනේ පහත පරිදිය.

'මං ඊයෙ එජාප නියෝජිතයන්ට කිව්ව දේ අද මාධ්‍ය වල පළවෙලා තියෙනවා. 225 ම අත්සන් කළත් මං රනිල්ට අගමැති කම දෙන්නෙ නෑ කියන එක. ඒක මම
අදත් කියනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. දේශීයත්වය අපේකම, අපේ ආගමික ධර්මතාවයන් කිසිවක් මේ මනුස්සයට නෑ. ඒ නිසා මං ඉතා පැහැදිලිව කියන්නට ඕන මේ නිසා මං බලයට එන්න ඡන්දය දුන් එජාප

පාක්ෂිකයින් මට වෛර කරන බව මං දන්නවා. නමුත් එජා පාක්ෂිකයින්ට මං කියනවා ඔබේ පක්ෂයේ ඩීඑස් ඇතුලු නායකයින්ගේ දර්ශනය මේ මනුස්සයා විනාශ කළා. ඒ සියලුම අය රටට ආදරෙයි.

මෙයාට මහ පොලවේ අඩිය ගහල යන ගතිය නෑ. ඒ කිසිවක් දැනෙන්නෙ නෑ. එයා නව අන්ත දක්ෂිණාංශික අදහස් වලින් දේශපාලන වශයෙන් හිරි වැටිලා. ඒ නිසා දැනෙන්නෙ නෑ. ඒ නිසා මේ සියලු දේවල් සලකා අප හෙට රට වෙනුවෙන් වගකීම් හා යුතුකම් ඉටු කරමු. ඒ සඳහා ශ්‍රීලනිපය ශක්තිමත් කරමු . කාටවත් ශ්‍රිලනිපය දුර්වල කරන්න ඉඩ දෙන්නෑ.

අද දවසේ දේශපාලන අර්බුදය වැඩිම වුනොත් ස්ථිර වශයෙන්ම සතියක් තුළ විසඳනවා.  මං ඔබට සහතික වෙනවා. ඒ රට වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන්. ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි රනිල් ඒ දේශපාලන කරුමය අපි පින් කරලා ඒ ප්‍රශ්නය විසඳගමු. ඒ පිනට සියල්ලන් දායක කරගමු.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment