ලංකාවේ Hutch සමාගම Etisalat මිලට ගනී


අද 2018 දෙසැම්බර් 4 වන දින, හොං කොං හි සිදුවූ ව්‍යාපාරික ගනුදෙනුවක විස්තර මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මකවූ එටිසලාට් ජංගම දුරකථන සේවාව හච් සමාගම
මගින් මිලට ගෙන තිබේ.
ඔවුන් පළ කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වේ.

2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර ඇත. මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර එටිසලාට් සමූහයට එහි 15%ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment