ෆෙස්බුක් ඔස්සේ මෝදි විවේචනය කළ මාධ්‍යවේදියකු සිරගෙට


 ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කළ මාධ්‍යවේදියකු අත්අඩංගුවට පත්ව වසරක කාලයකට සිරගතවී  ඇත.

අග්‍රාමාත්‍ය මෝදිගේ පාලනය
යටතේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩ පැවැත්විමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට මෙය එක් උදාහරණයක් යැයි ද ජනමාධ්‍යවේදිහු සහ සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ  ක්‍රිෂෝරේචන්ද්‍රා වන්ග්කෙමිය. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේදීය. මනිපූර් ප්‍රාන්තය යනු ඉන්දියාවේ උතුරු නැගෙනහිර පෙදෙසේ පිහිටි ප්‍රාන්තයකි. එම ප්‍රාන්තය තරමක් පිටිසර ප්‍රාන්තයක් යනුවෙන් ද හඳුන්වයි.
ප්‍රාන්ත නීතිය අනුව කිසිදු නඩු විභාගයකින්  තොරව ඕනෑම අයකු පොලිස් භාරයේ රඳවාගෙන සිටීමට අවසර ඇත.

 තිස්නව හැවිරිදි  වන්ග්කෙමි රූපවාහිනි  මාධ්‍යවේදියකු වන අතර ඔහු නොවැම්බර් මාසයේදී ඉන්දීය අගමැතිවරයාට සහ ප්‍රාන්ත මහ ඇමැති බිරේන් සිංට චෝදනා කරමින්  ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විඩියෝ පටයක් පළ කර ඇත. අගමැතිවරයා සහ මහ ඇමැතිවරයා කලාපය තුළ දක්ෂිණාංශික හින්දු මතවාදය ප්‍රවර්ධනය කරන ඛවට චෝදනා කරමින් ඔහු එම විඩියෝ පටිය පළ කර තිබිණි.  මාධ්‍යවේදී වන්ග්කෙම් ප්‍රාන්ත මහ ඇමැතිවරයා. අග්‍රාමාත්‍ය මෝදි සහ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංගේ (ආර්.එස්.එස්) පක්ෂයේ "රූකඩයකට" සමාන කළ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment