නත්තලේදී ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණ පරදවමු - විමල්ගෙන් පණිවිඩයක්

ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරන තවත් නත්තලක් හෙටට (25) යෙදී තිබේ. ‘සාමය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ නම් වූ අරුතින් සැමරෙන නත්තල් උත්සවය සැමරිය යුත්තේ ඉහත අරුත සඵල
වන අයුරිනි. ඒ අනුව නත්තලෙහි සැබෑ අරුත වටහා ගනිමින් එය මිනිස් හදවත් තුළ ගැඹුරින්
සනිටුහන් වන ආකාරයට කටයුතු කිරීමට මේ උතුම් දිනයේ ශ‍්‍රී ලාංකික කිතුණු බැතිමතුන් කටයුතු කළ යුතුව තිබේ.

ලෝකවාසීන්ට යහපත් හෙට දිනයක් උදාකරලීමට සමස්ත ලෝකයම සාමය වෙනුවෙන් කැප විය යුතුව තිබිණ ද ඇතැම් පවිටු බලවේග රටවල් තුළ ද රටවල් අතර ද ගැටුම් අවුලවමින් සිටිති. අප ද රටක් ලෙස එවැනි ගැටුම්වලට මැදිව සිටින්නෙමු. මේ ගැටුම් අවුලවන්නෝ බොහෝවිට කටයුතු කරන්නේ ‘සාමකාමී සහජීවනය’ ආදී වදන් පෙරට දමා ගෙන බව ද පෙනී යයි.

එබැවින් සැබෑ සාමය, සහජීවනය පිළිබඳව ගැඹුරින් සිතා බලා ඒවා යථාවත් වන ලෙස කටයුතු කිරීමට අදිටන්කර ගන්නා ලෙස මෙරට කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

සැමට සුබ නත්තලක් වේවා.


විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2018.12.25


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment