දින 50 කාලයේ විමල් ඉවත් කළ අමාත්‍යංශ සේවකයින් 2500 කට සජිත්ගෙන් ස්ථිර පත්වීම්

 ඔක්තෝබර් 26 වැනිදායින් පසු පත්කළ ආණ්ඩුව විසින් නිවාස සංවර්ධන අධිකාරියේ ස්ථිර නොකළ සේකයන් 2500කට අධික ප්‍රමාණයකයින්ගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව අධිකාරියේ
සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා සඳහන් කළේය,

එසේ ඉවත් කළ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් 2500 ක් ඇමති සජිත් වැඩභාරගත් පසු නැවත සේවයේ පිහිටුවා තිබෙන බවද ඔහු දැන්වීය.මෙම සියලු දෙනා සේවයේ ස්ථිර කිරීමට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙන බවත්, අතරමග නැවති තිබූ සියලූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු ආරම්භ කර තිබෙන බවත් පවසා සිටියේය,
මීට අමතරව සකස් කළ නිවාස ගම්මාන ජනතා අයිතියට පත් කිරීම යටතේ මේ මස 28 සහ 29 යන දෙදින තුළ පුත්තලම හා අනුරාධපුර දිස්ත්‍රික්කවල සකස් කළ ගමිමාන ජනතා අයිතියට පත් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
දින 50 ආණ්ඩුවේ නිවාස ඇමතීධූරය දරන ලද්දේ විමල් වීරවංශයි.

එච්.අයි. තුෂාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment