මාස 11 කට පසු අර්ජුන් ඇලෝසියස් ඇප මත නිදහස්


ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අද ඔවුන්
සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහරින්නට අධිකරණය තීරණය කරන ලදි. ඔවුන් පළමුවරට අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ පෙබරවාරි මස 4 වනදා වන අතර මාස 11 ක් තිස්සේ බන්ධනාගාරගතව සිටියෝය.
 අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අද (1)

නියෝග කරේ දැඩි කොන්දේසි මතයි.. රුපියල් මිලියනය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරුවන් මුදා හැර ඇත. ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇත.. සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා  ඇත.

මීට අමතරව ඇපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවට වන කොන්දේසියක් ද පනවා තිබේ.

මාස 11 ක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඇප දීමට නීතිපති විරුද්ධ වුවත් ඔවුන්ගේ දරුවන් හා බිරින්දෑවරුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත්වීම සැලකිල්ලට ගෙන සැකකරුවන්ට එරෙහිව කුමන ආකාරයේ බරපතළ චෝදනා එල්ල වී තිබුණ ද නඩු කටයුත්තක් අවසන් කර වැරදිකරුවෙකු කරන තුරු සෑම සැකකරුවෙකුටම නිර්දෝෂී භාවය පිළිබඳ පූර්ව නිගමනයක් ඇති බව සඳහන්
කරමින් දැඩි කොන්දේසි මත මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment