රෝහල් 132 කට ගිලන් රථ 132ක්.


දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කර ඇති නිවේදනයකට අනුව එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.

මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ.

දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත.

මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් දෙකකට ද ලබා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment