‘ගම්පෙරළිය’ තවත් පුළුල් වෙයි.


ගමේ ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමට ඇරඹී “ගම්පෙරළිය” ජාතික වැඩපිළිවෙළ පෙරටත් වඩා පුළුල්කොට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 02 වැනිදා සිට නැවතත් ආරම්භ කෙරේ.

ගම්පෙරළිය වැඩපිළිවෙළ නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ වසරේ පළමු කැබිනට් රැස්වීමටම යෝජනා කළ අතර එදිනම ඊට අනුමැතිය හිමිවිණි. ගමේ ජනතාවගේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා නිෂ්පාදන පහසුවෙන් වැඩි කර ගැනීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැපැයීම, ඒ තුළින් ගමේ නිෂ්පාදකයන්ගේ ආදායම් තත්ත්වය ඉහළට එසවීම, ගම - නගරය අතර පවතින සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා අංශ ගණනාවක සංවර්ධන වැඩකටයුතු ආරම්භ කිරීම මින් සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ගමේ පාර, වැව් අමුණු, ක්‍රීඩාපිටි, පන්සල්, පල්ලි, කෝවිල්, දියුණු කිරීම, දරුවන්ගේ පෝෂණ මට්ටම් වැඩි දියුණු කිරීම හා තවත් අංශ රැසක වැඩසටහන් ක්‍රියාවට නැංවේ.

වසර 2018 ඇරැඹි මේ දැවැන්ත ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරී‍ෙම් වැඩපිළිවෙළ වසර 2018 ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ දේශපාලන කුමන්ත්‍රණකරුවන් නතරකොට තිබුණි.

නැවත වතාවක් අගමැති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩපිළිවෙළ පුළුල්කොට ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙනමම මහලේකම් කාර්යාලයක් ස්ථාපති කොට තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

එක් මැතිවරණ කොට්ටාසයකට මහා භාණ්ඩාගාරය ලබාදෙන ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 300 දක්වා වැඩිකිරීම, සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන අංශ වැඩි කිරීම පෙබරවාරි 02 වැනිදා සිට සිදු කැරෙන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සියලු දෙනාගේ මඟපෙන්වීම් මත ලබන මස 02 වැනිදා අරලියගහ මන්දිරේදී පැවැත්වෙන ගම්පෙරළිය නැවැත ඇරඹීමේ වැඩසටහනින් පසු ඉතා වේගයෙන් ගමේ නගරයේ සුබසාධන සංවර්ධන පොදු වැඩසටහන් ක්‍රියාත්මක කැරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment