නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු නිසා හෙට (15) පාර වහලා

නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරීම හේතුවෙන්
නව කැළණි පාලමේ පිවිසුමේ සිට කැළණි තිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන (A1) මාර්ගය  2018.01.15 වන දින පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා වසා තබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විසින් දැනුම් දී ඇත.

එබැවින්, ඉහත කාලය තුල අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියළුම බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කිරීමටද,
ඉහත කාලසීමාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රථවාහන පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment