බිලියන 5800ක වැඩ කරන මහ නගර - මහ මෙහෙවර.


මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතාගේ  මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රමුඛ අනුබද්ධ ආයතන මඟින් 2018 වසරේදී ඉතා සාර්ථක  ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබේ. 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය, බස් නවීකරණ සහ සහසර ව්‍යාපෘතිය, අරුවක්කාලු කසළ රැඳවුම් ව්‍යාපෘතිය, හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය, සමුද්‍රීය  නගර සංවර්ධන ව්‍යාපෘතිය, ගුවන් නගර  ව්‍යාපෘතිය  එම ව්‍යාපෘති අතරින් ප්‍රමුඛ වේ. 

කොළඹ පැල්පත්වාසීන්ට නිවසක් සමඟ ජීවිතයක් වැඩසටහන යටතේ 2018 වසරේ නිවාස ඒකක 4866ක් ලබාදී ඇත. ඒ සදහා කළ ආයෝජනය රුපියල් මිලියන 17,135කි. 

2019 වර්ශය වෙනුවෙන් තවත් නිවාස ඒකක 4034ක් විවෘත කිරීමට නියමිත අතර 4800ක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමටද නියමිතය. 

2018 වසරේ ව්‍යාපෘති 1,740 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි දශකය තුල ඉන් රටට හිමිවන ප්‍රතිලාභය රුපියල් බිලියන 5,806ක් බව අමාත්‍යංශය පවසයි. 

[Advertorial]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment