2019 මුලදිම ක්‍රිකට් අර්බුද ඔක්කොම මං විසඳනවා - හරින්

ගෙවී ගිය 2018 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝකයේ විශේෂිතම ක‍්‍රිකට් රාජ්‍ය බවට හඳුනාගත් තොරතුරු ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් තමාට ලබාදුන් බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරුපාලක මණ්ඩලය යන නම වෙනස් කොට වෙනත් පාලනයක්
යටතේ ගෙන යෑමට අයි.සී.සී.ය ලබන 10 වැනිදාට පෙර තීන්දුවක් දෙන බව තමාට විශ්වාස යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

 දෙසැම්බර් මස 26 වැනිදා මම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප‍්‍රධානි ඇලෙක්ස් මාෂල්ව මුණ ගැහුනා. එතුමා කියපු විශේෂ කාරණාවක් මගේ හදවත තුවාල වෙන්නම වැදුණා. එතුමා කිව්වා ලංකාව තමයි ලෝකයේ තියෙන දූෂිතම කි‍්‍රකට් සංගමය කියලා. සිම්බාබ්වේ රටෙත් ප‍්‍රශ්න තිබුණට මෙහෙම ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් ගන්න දෙයක් නැහැ කියලා
ඔවුන් ප‍්‍රකාශ කළා. අයි පෑඞ් එකක් හරහා මට ලංකාවේ සමහර අය කරලා තියෙන දේවල් මූණවල් එක්ක පෙන්නුවා. ඒකෙ රහස්‍ය භාවය මම රකින්න ඕන.

මොකද තවම පරීක්ෂණ වෙන නිසා ඒවාට බාධාවක් වෙනවා. එනිසා මගේ යුතුකමක් ඒවා නොකිය ඉන්න එක. ලංකාවේ පූර්ණ කාලීන දූෂණ මර්දන කාර්යාලයක් මාස දෙකක් ඇතුළත ස්ථාපිත කරනවා. ඒවගේම ක‍්‍රීඩා නීතියට මාස දෙකක් යනකොට දූෂණ මර්දන නීතිය අනුව දඬුවම් දෙන්න පුළුවන් විදිහට සංශෝධන වෙනවා. දැන්  නීතිය සකස් කරලා නීතිපත් කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නෙ. ඒක ලැබුණට පස්සෙ  සියලූ දේ අවසන් කරන්න පුළුවන්. ඒ විදිහට ගියොත් තමයි ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් උස්ස ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ''

 යනුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය තවත් මාස හයකින් හෝ වසරකින් දීර්ඝ කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා සැලසුම් කර තිබේ. නමුත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ලබන 10 වැනිදාට පෙර අන්තර්කාලීන පාලනයකට අවස්ථාව දෙනවාද නැතහොත් නිලවරණයක් පවත්වන්න නියෝග කරනවාද යන්න තීන්දුව ලබාදීමට නියමිතව තිබේ.

''ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ගැන අයි.සී.සී. විධායක කමිටුවේ සසෙක්ස් කියන ප‍්‍රධානියා සහ ප‍්‍රධාන විධායක ඬේවිඩ් රිචජඩ්සන් යන මහත්වරු ඉදිරියේදී තීරණයක් ගන්නවා කියලා මට කිව්වා. ලබන 10 වැනිදා පෙර ඔවුන් ඒ සම්බන්ධයෙන් උත්තරයක් ලබාදෙයි. මොකද ලංකාවේ ඡන්ද 142 කට වැඩි ප‍්‍රමාණයක් තියෙනවා ක‍්‍රිකට් නිලවරණයට. ඔස්ටේ‍්‍රලියාවේ තියෙන්නෙ ඡන්ද 9 යි. එංගලන්තයේ ඡන්ද 18 යි.

 නමුත් ලංකාවේ ඡන්දය තියෙන සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩා කරන්නෙත් නැහැ. ඒත් ක‍්‍රිකට් නොගහන නම්වලටත් ක‍්‍රිකට් ආයතනයෙන් සල්ලි යවනවා. මේවා විශාල අපරාධයක්. ඒ සම්බන්ධයෙන් හොයන්න අපි කමිටුවක් පත්කරලා තියෙනවා.

 ශ‍්‍රී ලංකාවේ ගම්වල සපත්තු ගන්න බැරි ක‍්‍රීඩකයන් සිටින බවත් එවැනි ක‍්‍රීඩකයන් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය අලුතින් දුක්ගන්නාරාළ යනුවෙන් තනතුරක් පිහිටුවන බවත් ඇමැතිවරයා පවසයි.

 ''මම ළමයින්ට තියෙන ප‍්‍රශ්න නිරාකරණය කරන්න 2019 අවුරුද්දෙ අලූත් ආරම්භයක් හැටියට ක‍්‍රීඩා දුක්ගන්නා රාළ කෙනෙක් අලූතින් පත්කරනවා. ක‍්‍රීඩා අමාත්‍යාංශය හැටියට මේ කටයුත්ත හොයාගෙන කරගන්න තමයි මේ තනතුරු පත්කරන්නෙ.
සමහර වෙලාවට ප‍්‍රශ්න ආපු වෙලාවට ලේකම් නැහැ කියනවා. එවැනි චෝදනා දරුවන්ගෙන් පසුගිය කාලයේ ආවා. මීට අමතරව දුරකථන මධ්‍යස්ථානයක් පිහිටුවනවා ළමයින්ගෙ සහ ක‍්‍රීඩාවට අවශ්‍ය ප‍්‍රශ්න භාර ගන්න. ඒ දුරකථන අංකය දැනට 1978 කියන අංකය. ක‍්‍රීඩාවට සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ අංකය හරහා කතා කරන්න පුළුවන්. ඒ කාර්යාලය දැන් ලෑස්ති වෙමින් තියෙනවා. තව සතියක් ඇතුළත කාලයකදී මේ සියලූ දේ කරගන්න පුළුවන්. ඒ වගේම සක‍්‍රීය අන්තර්ජාල සබඳතාවක්ද ආරම්භ කරනවා.''

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවට එළැඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරය තෙක් වැඩ කරගෙන යෑමට තමා අවස්ථාව දුන් බවද ක‍්‍රීඩා ඇමැතිවරයා පසයි.

 ''තේරීම් කමිටුව මම මාරු කළේ නැහැ තරගාවලියක් යන හින්දා. අපි අසන්ත ද මැල් මහතාටත් කතා කළා. ශ‍්‍රී ලංකා ''ඒ'' කණ්ඩායමට සහ 19 න් පහළ කණ්ඩායමටත් තරගාවලියක් තියෙනවා. අපි හරි වැඩසටහනකට යන තුරු මේ කණ්ඩායමට කාර්යභාරය කරගෙන යන්න අවස්ථාව දෙනවා. අන්තර්පාලන මණ්ඩලයක් ගේනවද නැද්ද කියලා තීරණය කරන තුරු අසන්ත ද මැල්ගේ තේරීම් කමිටුවට කටයුතු කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. ඒනිසා මම දේශපාලන අරමුණකින් කටයුතු කරන්නෙ නැහැ.''

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් අවසන් වන සේවකයන්ගේ වාර්තාවක් ලබාගෙන ඔවුන් කරන කාර්ය සම්බන්ධයෙක් ක‍්‍රීඩා ඇමැතිවරයා අධීක්ෂණයක් කිරීමට නියමිතව තිබේ.

 ''ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සමහර සේවකයන්ගේ කොන්ත‍්‍රාත් දැන් අවසන් වීගෙන යනවා. සමහර පඩි දැක්කහම හිතා ගන්නත් බැහැ. ඒ අයගෙ පඩි බැලූවහම මොකට එහෙම ගෙවනවද කියලත් හිතෙනවා. ඒ හින්දා ඒ අය කරන රාජකාරිය සම්බන්ධවත් මම වාර්තාවක් ඉල්ලලා තියෙනවා. ඒ අයගෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට වන සේවය මොකද්ද කියලා බලන්න ඕන. ඒ නිසා මාසයකට විතරක් ඒ අයට කටයුතු කරගෙන යන්න දෙනවා. ඊට පස්සෙ කවුද අයින් කරන්න ඕන කියලා තීරණය කරනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට 80% ක් මුදල් ලබාදෙන්නෙ අයි.සී.සී. එකෙන්. ඒ නිසා අයි.සී.සී. එකත් එක්ක වැඩ නොකරන නිසා තමයි අපිව මේ තරම් පහත් තත්වයට වැටිලා තියෙන්නෙ. ක‍්‍රීඩා පාලක මණ්ඩලයක් තියෙන කාලයක තමයි බොරු පත්වීම් ගහලා තියෙන්නෙ. අනිකුත් ක‍්‍රීඩා සංගම් සියලූ දෙනාම හම්බ වෙලා මේක සුද්ද කිරීමේ ක‍්‍රියාපටිපටිය කරගෙන යනවා. මම තවම කිසිම පත්වීමක් කරලා නැහැ. මම මුලින්ම පත්කරන්නෙ ක‍්‍රීඩා දුක්ගන්නා රාළ කෙනෙක්.

 අයි.සී.සී.ය විසින් සොයා ගත් තොරතුරු අනුව බුකියටත් එහා ගිය පාතාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉදිරියට ඇවිත් ඇති බව සනාථ වී තිබේ.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට තමන් දන්න දේවල් ඉදිරියට ඇවිල්ලා කියන්න අවස්ථාව අයි.සී.සී.ය ඉදිරියේදී ලබාදෙනවා. ඒ කාලය ඉදිරියේදී ඔවුන් දන්වනවා කියලා කියනවා. ඕන කෙනෙකුට ඇත්ත නැත්ත කියන්න එතනදී පුළුවන්. ඉතාම කනගාටුදායක තත්වයක් තමයි මේ වන විට ඇතිවෙලා තියෙන්නෙ. නිලධාරීන් විසින් සිදුකරපු දේවල් තියෙනවා. ඊටත් එහාට ගිය පාතාලය පවා මේකට සම්බන්ධ වෙලා කියලා අයි.සී.සී.ය කියනවා.''

 අයි.සී.සී.ය විසින් අතුරු කමිටුවක් සඳහා කෙටි කලකට අවස්ථාව ලබාදුනහොත් එය පැවරීමට අපේක්ෂා කරන ක‍්‍රිකට් විශාරදයන් සමග තමා මේ වන විටත් සාකච්ඡා කළ බව ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි.

 ''සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මේ සියලූ දෙනා සමග මම සාකච්ඡා කළා.

 ක‍්‍රීඩා නීතිය එනවනම් මේ සියලූ දෙනා ක‍්‍රිකට් සුද්ද කරලා දෙන්නම් කියලා කිව්වා. අයි.සී.සී.යෙන් පණිවුඩය අරගෙන ආපු ගමන් ඉදිරි කටයුතු කරමු කියලා අපි සාකච්ඡා කරලා තියෙන්නෙ. අයි.සී.සී. එකත් අපිට සම්පූර්ණ සහාය දෙන හැඩක් තමයි මට පේන්න තියෙන්නෙ.''

 -අසේල විතාන-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment