ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන , ආර්ථික සහ සංස්කාතික සබඳතා ඉහළ නංවා ගැනීමේ අරමුණින් සිදු කෙරෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හයකට එළැඹීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවන්ට පෙරේදා (14) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
එසේ අනුමැතිය හිමි වුයේ සංචාරක, විදේශ රැකියා,උසස් අධ්‍යාපන, කෘෂිකර්ම සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්ට අදාළ අවබෝධතා ගිවිසුම් හයකට එළැඹීම සඳහාය. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන, අධ්‍යාපන හා පුහුණු සංචාරක සංවර්ධන වැඩසටහන්, ආයෝජනයන් සහ දෙපාර්ශ්වය විසින් තීරණය කරනු ලබන අනෙකුත් අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළැඹීම පිණිස සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.
දෙරට අතර සේවක සුබ සාධනය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඵලදායිතාව,සේවා තත්ත්ව, වෘත්තිමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව ඉහළ නැංවිම, විගමණික සේවකයින් පුහුණු කිරීම හා සහතිකකරණය සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නිතී ආධාර සැපයීම වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිම සඳහා විදුලි සංදේශ , විදේශ රැකියා සහ ක්‍රීඩා අැමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවද සම්මත විය.
උසස් අධ්‍යපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කැර ගැනීමේ අරමුණින් පිලිපීන රජයේ උසස් අධ්‍යාපන කෙමිසන් සභාව සහ ශ්‍රී ලංකාවේ නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම පිණිස එම අැමැති රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ අනෙක් යෝජනාවද සම්මත විය.
දෙරට අතර බෝග වගාව,ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය හා කුකුල් පාලනය, කෘෂි සැකසුම් සහ අගය වැඩි කිරීම නිෂ්පාදන බෙදා හැරීම හා අලෙවිය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කැර ගැනීමේ අරමුණින් පිලිපීනය හා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අැමැති පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවද සම්මත විය.
ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ පර්යේෂකයින් විදේශිය පශ්චාත් උපාධි හැදෑරීම සඳහා යොමු කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පිලිපිනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අැමැති පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවද සම්මත විය.
දෙරට අතර ආරක්ෂාව, සංග්‍රාමික අධ්‍යාපනය, පුහුණුව ආරක්ෂක දූත පිරිස් හුවමාරුව , ඒකාබද්ධ අභ්‍යාස, මිත්‍ර සංචාරයන් සහ සම්මන්ත්‍රණ ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කැර ගැනිමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
ජනපතිට පිලිපීනයේදී හරසර
මේ අතර ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවිය. එහිදී එරට වෙළෙඳ සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
පිලිපීන රජය 1961 ජනවාරි මස කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි. 1973 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව නියෝජනය කරමින් පිලිපීනයේ සංචාරයක නිරත වූවාය. ඊට පසුව ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගීවීමට නායකයන් කිහිප දෙනකු පිලිපීනයේ සංචාරය කළ ද පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධනාවක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. සිය සංචාරය අරඹමින් අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිවරයා පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක්වනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ජනාධිපති මන්දිරයේ දී සංවිධාන කර තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment