රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට.

රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීම සම්බන්ධව හෙට (16) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට සියයකට වැඩි ආයතන සංඛ්‍යාවක ප්‍රධානීන් පුරප්පාඩුව පවතින අතර ජනාධිපති කාර්යාලයේ විශේෂ කමිටුව සහ ආණ්ඩුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ජාව පැවත්වීමට නියමිතව ඇත.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ සාකච්ජාවෙන් අනතුරුව ආයතන ප්‍රධානීන් නම් කිරිම සම්බන්ධ පැනනැගී ඇති ගැටළු විසඳෙනු ඇති බව රජයේ අපේක්ෂාවයි.

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ අදාල විෂයන්ට අදාල අමාත්‍යවරුන් ආයතනවලට ප්‍රධානින් නම් කිරිම සිදු කිරීමට නියමිත අතර දැනට එම නම් ජනාධිපති කාර්යාලයේ විශේෂ කමිටුව වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment