පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර ආනයනය කිරිමේදී මහා පරිමාණ දුෂණයක්!

පිළිකා ප්‍රතිකාර ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ආනයනය කිරිමීදී පසුගිය  ආණ්ඩුව සිදු කළ මහා පරිමාණ දුෂිත ගණූදෙනුවක් පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අනාවරණය කර ඇත.

ඒ පෙරේදා(14) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය..

රුපියල් මිලියන 1400 ක් වැය කරමින් ඉදිකරන ලද මෙම ඒකකය මහල් 04 කින් යුක්ත වෙයි. ශල්‍යාගාර 07 ක්, දැඩ්සත්කාර ඒකකයක්, විශේෂ ප්‍රතිකාර ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් සහ ශල්‍ය වාට්ටු 06 කින් මෙම ඒකකය සමන්විත වෙයි. මෙම රෝහල උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට පුහුණුව ලබාදෙන රෝහල ද වෙයි. ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදි. මෙම ගොඩනැගිල්ල ඇඳන් 480 කින් යුක්ත වන අතර, මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් 1500 කින් යුත් වාට්ටු සමන්විත වෙයි. දැනට වාර්ෂිකව රෝගීන් 140,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, බාහිර රෝගී අංශයෙන් වාර්ෂිකව ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව දල වශයෙන් 540,000 ක් පමණ වෙයි. සායන වලින් වාර්ෂිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 630,000 ක් පමණ වෙයි.

මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 87 ක් සේවය කරන අතර, තවත් වෛද්‍යවරුන් 364 ක් සේවය කරයි. හෙද හෙදියන් 830 ක් ද සේවය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් (ලිනේර් අccඑලෙරටොර්) යන්ත්‍ර මහරගම, ගාල්ල සහ මඩකළපුව යන රෝහල්වල ගොඩගසා ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුනා. මෙම ලීනියර් ඇක්සලේටර් (ලිනේර් අccඑලෙරටොර්) යන්ත්‍ර පසුගිය රජය විසින් සිදු කළ මහාපරිමාණ වංචාවක්. පැරණි උපකරණ නවීන උපකරණ ලෙස පෙන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගෙන තිබෙනවා. එම උපකරණ සහතික කළ යුත්තේ විශේෂඥ වෛද්‍යවරයෙකු වුවත්, සහතික කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය නිලධාරියෙක් විසින්. මෙම යන්ත්‍ර පිළිබද පැමිණිලි රැසක් ලැබී තිබුනා. මෙම යන්ත්‍ර සහතික කළ නිලධාරියා පිළිබද විමර්ශනය කරන විට ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශ්‍රාම ගියා. ආනයනය කරන ලද සමාගම් සමග සාකච්ඡා කරලා නවීන උපකරණ 2019 වසරේ දී ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. එම උපකරණ ලැබුණූ පසු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා යොදාගන්න පුළුවන්. ආනයනය කරන ලද සමාගම මාධ්‍ය හරහා මෙම යන්ත්‍රවල ගුණාත්මකභාවය පෙන්වා දෙන්න උත්සාහ කළා. මෙම ගණුදෙනුව පිටුපස සිටියේ කවුද කියලා මම හෙළි කරන්නේ නැහැ. පසුගිය රජය සිදු කළ මෙවැනි දුෂණ සහ වංචා සියල්ල නිවැරදි කරන්න බැහැ. හැකි පමණින් නිවැරදි කරමින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යනවා.”

“රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරිම ආරම්භ කළේ මීට වසර 15 කට පෙරයි. ඒ 2003 වසරේ දී. එය 2006 වසරේ දී නතර වී තිබෙනවා. ඉන් පසු 2009 වසරේ දී ආරම්භ කළත් 2012 වසරේ දී යළි නතර වුනා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු මෙහි වැඩකටයුතු ආරම්භ කර අද දින විවෘත කිරීමට කටයුතු කළා. හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා කොළඹට පමණක් සීමා වී තිබුනා. මම එම සේවාව දීප ව්‍යාප්ත කරමින් එවැනි සංකීර්ණ 22 ක් ස්ථාපිත කරනවා. එම හදිසි අනතුරු ඒකක වලට සමගාමීව රු‍ධිර පාරවිලයන මධ්‍යස්ථාන 214 ක් ද හදනවා. කොළඹ රෝහල්වල තිබෙන තදබදය අවම කරමින් සෞඛ්‍ය සේවා ගමට ව්‍යාප්ත කළ යුතුයි. ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා වාට්ටු සංකීර්ණ ඇතුලු දිවයින පුරා රෝහල් රැසක් සංවර්ධනය කරනවා. ඒ සදහා ආයෝජන ලබා දී ඇත්තේ යුරෝපා සංගමයට අයත් රටවල් වලින්. පසුගිය වසර 04 තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 104 ක් ක්‍රියාත්මක වූ අතර, ඉන් 74 ක් විදේශීය ආයෝජනයි. මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරනවා විදේශීය ආයෝජන වැඩියෙන්ම ලැබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව. වර්තමානයේ සියලු සෞඛ්‍ය සේවාවන් රෝගීන්ට නොමිලේ ලබාදෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවාව යටතේයි. රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. එයට තමයි යහපාලනය කියන්නේ. රුපියල් සත වලින් නොව මනුෂ්‍යකමින් ජිවිත ආරක්ෂා කළ යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment