වින්ඩෝස් 7 සහාය ලබාදීම මයික්‍රොසොෆ්ට් වසරකින් අතහරී

පරිගණක පරිශීලකයින් අතර  මයික්‍රොසොෆ්ට් වින්ඩොස් 7 පැරණි අනුවාදය සහ වින්ඩෝස් 10 නව අනුවාදය මේ වනවිට බොහෝ විට භාවිත වනවා. මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ 14 නිවේදනය කළේ තව වසරකින්
2020 ජනවාරි 14 වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය
ඔවුන් අතෑර දමන බවයි.
ඒ අනුව එදින සිට Windows 7 සඳහා ආරක්ෂණ යාවත්කාලීන කිරීම් හෝ නොමිලයේ ලැබෙන සහයෝගය නොලැබේ.
වින්ඩෝස් 7 මයික්‍රසොෆ්ට් සමාගමට විශාල සාර්ථකත්වයක් ලැබීය. වින්ඩෝස් 7 ට පසුව වින්ඩෝස් 8 පැමිණි නමුත් වින්ඩෝස් 10 සහ 7 පමණක් මෑතක් වනතුරු ජනප්‍රිය විය කෙසේ වෙතත් මේ වනවිට වැඩියෙන්ම භාවිතයේ පවතින්නේ වින්ඩෝස් 10 යි.
 වින්ඩෝස් 7 තවමත් වින්ඩොස් පරිගණක භාවිත කරන්නන් අතර සියයට 42.8 ක් ස්ථාපනය කර ඇත.  2020 ජනවාරි 14 වනදා වනවිට තම වින්ඩෝස් 10 අනුවාදය වෙත සියල්ලන් යොමු කරගැනීම සමාගමේ අරමුණයි. මින් ඉහත වින්ඩොස් එක්ස්පී සිට වින්ඩෝස් 7 ට මාරු කරන අවස්ථාවේදීත් මයික්‍රොසොෆ්ට් සමාගම මේ පිළිවෙතම අනුගමනය කරන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment