කොල්ලුපිටියට නව වෙරළක්, චෛත්‍ය පාරේ සිට උමං මාර්ගයක් : චම්පිකගේ නව සැලසුම් මෙන්න.


ඉදිරියේ දී කොටුව චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය දක්වා උමං මාර්ගයක් ඉදිරිකරනු ලබන බවත්, කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරෙළ නගරයක් ඉදිකිරීමේ කටයුතු දැනටමත් දියත් කර ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ඊයේ (16) උදෑසන කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ වැලි පිරවීමේ කටයුතු නිල වශයෙන් අවසන් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා,

“ඉදිරියේ දී නව කැලණි පාලමේ සිට නව පාරක් ගුවන් මගින් චෛත්‍ය පාරට එනවා. ඒ පාර අපි උමගක් මගින් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා, කොල්ලුපිටිය දක්වා. ඒ වැඩකටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැන් ශක්‍යතා අධ්‍යයනයක් කර තිබෙනවා. පරිසර අධ්‍යයනයක් කර ගෙන යනවා. එය අවසන් වූ වහාම ඒ වැඩකටයුත්ත අපි පටන් ගන්නවා.“

“ඊට අමතරව කඩුවෙල, රාජගිරිය, අපේ බත්තරමුල්ල පරිපාලන නගරය, ඒ වගේම බේරේ වැව අවට තියෙන අපේ ප්‍රධාන වාණිජ නගරය, ඉදිරියේ ඉදිරිපත් කරන, ඒ සියල්ල සම්බන්ධ කරන සැහැල්ලු දුම්රිය සේවයත්, මේ නව නගරයට ගමන් කරවන්න අපි කටයුතු කරනවා.“

“අපි බලාපොරොත්තු වෙනවා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න. ඒ වෙරළ නගරයත්, අපි දේශීය හා විදේශීය තාක්ෂණය යටතේ කරගෙන යන්න දැන්, ශක්‍යතා අධ්‍යයනයක් කර ගෙන යනවා, ඒ අනුව නව වෙරළක් අපිට ලැබෙනවා ඉදිරි දශකය ඇතුළත. ඒ ව්‍යාපෘතියක් අපි දැන් දියත් කරලා තියෙනවා.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment