ජනපති නියමයෙන් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙති

සියලු ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (31දා) වනවිට භාරදී තිබේ. ඒ එම ආණ්ඩුකාරවරුන්ට ඊයේ (31දා) දිනයට පෙර සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස
ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුවය.
එම නියෝගයට අනුව ආණ්ඩුකාරවරුන් 9 දෙනාම එවා ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපිවල ඉල්ලා අස්වන දිනය සඳහන් කර නොතිබීමද විශේෂත්වයකි. ඒ අනුව උතුරු පළාත නියෝජනය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා පළමුවෙන්ම සිය ඉල්ලා අස්වීමේ ලිපිය 30 වැනිදා පස්වරුවේම ජනාධිපතිවරයා වෙත යවා ඇත.

අනතුරුව පිළිවෙළින් සබරගමුව නියෝජනය කළ නිලූකා ඒකනායක මහත්මියද, මධ්‍යම පළාත නියෝජනය කළ පී.බී. දිසානායක, නැඟෙනහිර නියෝජනය කළ රෝහිත බෝගොල්ලාගම, උතුරු මැද නියෝජනය කළ එම්.ජී. ජයසිංහ, දකුණ නියෝජනය කළ මාෂල් පෙරේරා, බස්නාහිර නියෝජනය කළ හේමකුමාර නානායක්කාර, ඌව නියෝජනය කළ ආරිය රැකව හා වයඹ නියෝජනය කළ කේ.සී. ලෝගේෂ්වරන් යන අයද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වේ.


-රුචිර දිලාන් මධුසංඛ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment