ඇමැති විෂය ගැසට්ටුව සංශෝධනය වේ : බැංකු යළි කිරිඇල්ලට.


නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අවස්ථා කිහිපයක දී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.

සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවරූ අමාත්‍යාංශ යටතේ ඇති විෂය පථ කිහිපයක් අනෙකුත් අමාත්‍යවරුන් යටතට පැවරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු පවරාදීමට අපේක්ෂිත බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment