රියැදුරකුගෙන් රු.3000ක් පගා ගත් ගිඳුරුකෝට්ටේ රාලහාමි වසර 8 ක් හිරේට

රථවාහන වරදක් සිදුකළ රියැදුරකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටි පොලිස් කොස්තාපල්වරයකුට
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින්‍ෙ ඊයේ (03දා) බරපතළ වැඩ ඇතිව වසර08ක සිර දඬුවමක් නියම කෙරීණි.

ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ සජීව සරත් චන්ද්‍රණී නමැති මෙම පොලිස් කොස්තාපල්වරයාට මෙසේ සිර දඬුවම්
නියම කළ මහාධිකරණ විනිසුරු කුලතුංග මහතා විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කළේය. 2014 වසරේ මැයි මස 22 වැනිදා සහ එම මස 24 වැනිදා දක්වා කාලසීමා තුළ රථවාහන වරදක් සිදුකළ රියැදුරකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා, සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 04ක් සාධාරණ සැකයකින් තොර ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් පමුණුවන බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

-කේ.එස්.උදයකුමාර්-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment