මාලිංගගේ බිරිය ටාන්යා පැන්ඩාට කරපු අරියාදුව මුහුණු පොතේ

https://www.gossiplankanews.com/2019/01/tanya-perera-fb-thisara-perera-malinga.html#more
ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිය ටාන්යා පෙරේරා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබේ. දැනට එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස නම් කර තිබෙන ලසිත් මාලිංගගේ තැනට අභියෝග කරන ක්‍රීඩකයෙකුට එරෙහිව ඇය තම මුහුණු පොතේ අදහස් දක්වා
ඇතිය යන්න එම කථාබහයි. මෙම සටහන පළවන්නේ පසුගිය 21 වනදාය. නව ක්‍රීඩා ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු වැඩි භාරගෙන ක්‍රිකට් සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් කරන්නට සිටින බවට විශේෂ කතාවක්ද සිදු කිරීමෙන් පසුව ලසිත් මාලිංගට දැන් හිමිව තිබෙන තැන වෙනස් කිරීමට කණ්ඩායමේ තරගකාරී පැරණි ක්‍රීඩකයෙකු සිදු කරන්නට ගිය දෙයක් ගැන මෙම සටහන දක්වා තිබේ.


'ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙන් තමන්ගෙ තැන රැකගන්න ගෙදරට ඇවිත්.. ලැජ්ජයිනේ යන්න. ඇගේ එම සටහනයි.

එම සටහන ග්‍රැෆික් නිර්මාණයක් ලෙස  ඇමතිවරයාගේ මුහුණ මකා ඊට උඩින් සිංහලෙන් අකුරු යොදා සකසා තිබෙන අතර සටහනට උඩින් 'පූවර් පැන්ඩා' යයි  දක්වා ඇත. ටාන්යා දැක්වූ පැන්ඩා ඉමොජි දෙක මේ කියන ක්‍රීඩකයා හැඟවුම් කරන්නක් වන අතර ලසිත් මාලිංග සමග කන්ඩායමේ සිටින අය අතුරින් පැන්ඩා යනුවෙන් හඳුන්වන එකම ක්‍රීඩකයා තිසර පෙරේරට බවද කියැවේ. එ් අනුව ටාන්යා  'ගෙදරට ඇවිත්.. ලැජ්ජයිනේ' යනුවෙන් හඳුන්වන්නේ තිසර පෙරේරාට විය හැකි බවට අනුමාන කෙරෙයි.

විවාහවීමට පෙරාතුව ලංකාවේ ප්‍රකට දැන්වීම් ඒජන්සියක සේවය කළ ටාන්යා සමාජ මාධ්‍ය තුළ ග්‍රැෆික් නිර්මාණයන් හුවමාරුව හා එ්වා නිර්මාණය ගැනද දැන නොසිටියා යයි කීම අපහසුය.
එම පොස්ටුව ඇය දැමූ පසු ඇගේ හිතවතුන් පවසා ඇති දේවලටද ඇය ප්‍රතිචාර දක්වා තිබෙන අතර 'ලැජ්ජ නැති මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ' යනුවෙන්ද පවසා ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment