අද සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට ටිකට් අන්තර්ජාලයෙන් බුකින් කළ හැකියි


ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණ සංචාරකයන්ගේ පහසුව සඳහා අද (14) දින සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම ක්‍රමය හරහා ලෝකයේ ඕනෑම

රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳිහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

''ඊ-ප‍්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සේවාව'' ලෙස හඳුන්වන මෙම ක්‍රමය හඳුන්වා දීමේ නිල උත්සවය අද (14දා) දින සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම පහසුකම් සැලසීම යටතේ ප්‍රථමයෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කරන අතර, පසුව අනෙකුත් ජාතික වනෝද්‍යානවලට පිවිසීම් ප්‍රවේශපත්‍ර අලෙවිය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
අන්තර්ජාල ලිපින අද ප්‍රසිද්ධ කෙරේ.

-ඉන්දික හේවාවිතාරණ-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment