කොළඹ මහේස්ත්‍රාත් භූමියට ජංගම දුරකථන ගෙන ඒම අද සිට තහනම්

නඩු කටයුතු සඳහා කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන අයට අධිකරණ භූමියට ජංගම
දුරකතන රැගෙන ඒම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ආරියරත්න මෙනවිය විසින් තහනම් කරනු ලැබ ඇත. මෙම තහනම අද (01) සිට බලපැවැත්වේ. අධිකරණ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ජංගම දුරකතන අධිකරණ භූමියට රැගෙන ඒම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තහනමක් පනවා නොතිබිණි.


පසුගිය 28 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී පාතාල සාමාජිකයකු පුද්ගලයකුට වෙඩි තැබීමට  උත්සාහ දැරිමේ සිද්ධියෙන් පසු මෙම තහනම පැනවීමට පියවර ගෙන ඇති බවට අධිකරණය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නඩු කටයුතු සඳහා පැමිණෙන  පුද්ගලයින්ට අද (01) දින සිට අධිකරණ පරිශ්‍රයට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වූ දැන්වීම් පත්‍රිකා ද  අධිකරණ පරිශ්‍රයට ඇතුළුවන ගේට්ටුව අවට ප්‍රදර්ශනය කිරීමට ද මේ වන විට සැලසුම් කර ඇත.

(නිමන්ති රණසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment