පොදු ජනපති අපේක්ෂකයා වීමට රාජිත හමුවූ කතාව සංගක්කාර ප්‍රතික්ෂේප කරයි

https://www.gossiplankanews.com/2019/01/sangakkara-rajitha-meeting.html#more
සුගිය සතියේ සිකුරාදා දිනෙක සවස් යාමයක ඇමති රාජිත සේනාරත්න හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර පැය දෙකහමාරක්  තිස්සේ පැවති රහසිගත හමුව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව්
වීමෙන් පසු ඒ හමුව පොදු අපේක්ෂකයෙකු පිළිබඳව යයි කියැවෙන ආරංචි සත්‍යයෙන් තොර බවට සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් සඳහන් කර තිබේ.

පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහිදී හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමග විශේෂ

සාකච්ඡාවක් පැවැත්වූ බවත් ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද එම කාමරයෙන් ඉවත් කර රාජිත – සංගක්කාර පවත්වන ලද්දේ රහස් සාකච්ඡාවක් බවත් ප්‍රධාන පෙලේ මාධ්‍ය මගින්ද වාර්තා කර තිබුණි.

අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන බව වුවත් දීර්ඝ සාකච්ඡාව මීළඟ ජනාධිපතිවරණයේ එජාපෙ පොදු අපේක්ෂකයා සංගක්කාර බවට පත්කිරීමේ ඹූලික සාකච්ඡාවක් බවට කසුකුසු පැතිර තිබුණි. මින් ඉහත අවස්ථා ගණනාවකදී තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර කියා තිබීම නිසා මේ ගැන ස්ථිර නිගමනයකට එළැඹෙන්නට කිසිවෙකු අපොහොසත්ව තිබුණි.

2015 පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ගෙන ඒමටද රාජිත මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් පාඨලී චම්පික, චන්ද්‍රිකා, රාජිත, රනිල්  පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීමට මූලික කටයුතු කරමින් සිටින අතර කිසිවෙකු විශ්වාස නොකරන අපේක්ෂකයෙකු ගෙන එන බවට අවස්තා කිහිපයකදී ප්‍රකාශ කිරීමත් මෙම සැකය මතුකරවන්නට තවත් හේතු ඇති කර තිබුණි.
කෙසේ වෙතත් මෙම පුවත පැතිරයාමෙන් පසු ට්විටර් ඔස්සේ රසිකයෙකු සංගක්කාරගෙන් මේ ගැන විමසා තිබූ අතර එයට ප්‍රතිචාර ලෙස සංගක්කාර එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ.
පහත පළවන්නේ සංගක්කාරගේ ට්විටර් සටහනයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment