ජනපති දින 5 ක් පිලිපීනයට

පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ එළඹෙන 15 වනදා සිට 19 වනදා දක්වා ජනාධිපතිවරයා පිළිපීනයේ සංචාරයක නිරත වන බවයි.

ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිපිනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.

1961 වසරෙන් පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු පිලීපිනයේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය බව සඳහන්ය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් වැදගත් වන කාරණා රැසක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා පිලිපීන සංචාරය තුළදී ආසියානු සංවර්ධන බැංකුවේ සංචාරයක නිරත වීමට ද සැලසුම් කර තිබේ.

මීට අමතරව ජනාධිපතිවරයා ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment