නාමල්ගේ වොයිස් රෙකොඩින් අතර පොලිස්පතිගේ කට හඩ ඇතැයි සැකයට පරීක්ෂණයක්

https://www.gossiplankanews.com/2019/01/namal-pujith.html
ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ පැමිණිල්ලට අදාළව
ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් දුරකථන හඬ පටවල පොලිස්පති පූජිත්ගේ කටහඩ ඇතැයි සැකයක් පහළවීම නිසා ඔහුගේ කටහඬ පරීක්ෂාවට

පොලිස්පති පුජීත් ජයසුන්දර මහතාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්  දී තිබේ.
ඒ අනුව ලබන සඳුදා පෙරවරු 09.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ ඔහු පෙනී සිටින  බව සඳහන්ය.
පොලිස්පතිවරයාට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇත්තේ ප්‍රථම වතාවටය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයගේ කටහඬ  සාම්පල පරීක්ෂා කිරීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබීමේදී නාමල් කුමාර විසින් ඉදිරිපත් කළ දුරකථන හඩ පටවල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ කටහඩ ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
එහිදී පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබා ගැනීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment