වැලිකඩ බන්ධනාගාරය තුළ ගුවන්විදුලි සේවාවක්.


සිරගත රැඳවියන්ගේ කුසලතා වර්ධනයට මෙන්ම ඔවුන්ට තොරතුරු දැනගැනීම සඳහා ‘බන්ධනාගාර රැඳවියන්ගේ ගුවන් විදුලි සේවාවක්’ ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි වැලිකඩ බන්ධානාගර අධිකාරී ටී. උඩුවවර මහතා පැවසීය.

මෙම ගුවන්විදුලි සේවාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට ශ්‍රවණය වන පරිද්දෙන් විකාශනය ආරම්භ කිරීමට මේ වන විට මූලික පියවර ගෙන ඇති බවත්, දවසේ සිතිවිලි දහම් සිතිවිලි වැනි ජීවිතය හැඩ ගස්වා ගැනීමේ වැඩසහටන් මෙන්ම, දවසේ සිදුවීම් ඇතුළත් ප්‍රවෘත්ති විකාශයනයක් ද ප්‍රචාරය කිරීම මෙහි අරමුණ බවත් උඩුවර මහතා වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින රැඳවියන්ගේ දායකත්වයෙන් මෙම ගුවන්විදුලි සේවාවේ වැඩකටයුතු සිදුකිරීමට නියමිත අතර මේ වන විට ඒ සඳහා පිඹුරුපත් සකස්කර ඇති බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පියසිරි වටගොඩ මහතාගේ මගපෙන්වීම මත මෙම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම සකස් කරමින් පවතින බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment