SLFP සංවිධායකයන්ගෙන් ජනපතිට විරෝධයක් : 25ක් ආණ්ඩුවට.

   
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන් කණ්ඩායම් වශයෙන් රැස්වී සාකච්ඡා කරන බවත් සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණයෙන් පසු කලකිරී සිටින සංවිධායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර ඒ  සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පත් කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයිද කියැවේ.

පසුගියදා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළකරමින් අදහස් පළ කර තිබුණේ මෙම ආසන සංවිධායකයන්බවදශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජී.එච්.බුද්ධදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනායකත්වය වෙනස්විය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට නායකත්වය බාරගැනීමට ශ්‍රීලනිපය තුළ අවශ්‍යතරම් නායකයන් සිටින බවත් පැවසූ ඒ මහතා,ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ දින සිට මේ දක්වා ශ්‍රීලනිපය කුඩා පක්ෂයක් බවට පත්වී ඇතැයිද කියා සිටියේය.

ආණ්ඩුවට එක්වුවහොත් මන්ත්‍රී ධුරය අහෝසි කරන බව පවසමින් ශ්‍රීලනිපමන්ත්‍රීවරුන් 21 දෙනා බියගන්වා තිබෙන බවත්,මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ලබාදුන් නිදහස එම පිරිසටද ලබාදුන්නේනම් ඔවුන් සියලු දෙනා මේ වනවිටත් ආණ්ඩුවට එක්වී අවසන් බවත් ජී.එච්.බුද්ධදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආසන සංවිධායකයන් 25ක් ආණ්ඩුවට

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුව සමගින් එක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කළුතර පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර එම පිරිස ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් බවද පැවසීය.

එම සියලු පාර්ශව එක්කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ප්‍රබල බලවේගයක් ගොඩ නගන බවත් ඒ හරහා ජනතාවට රැකියා ඉල්ලා පාලකයන් පසුපස යනු වෙනුවට සුදුසුකම් මත රැකියා ලබාදෙන තත්ත්වයක් ඇතිකරන බවද අමාත්‍යවරයා පැවසීය.

තවද යෝජිත 2019 අයවැය හරහා ජනතාවට සහන රැසක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා සඳහන්කර ඇත.


එජාප මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ස්වාධීන වන්නේ යයි ප‍්‍රකාශ කර ඇතත් ව්‍යවස්ථාව අනුව ඇමති ධුර ලබා දිය හැක්කේ 30ක් පමණක් බවත් අගමැතිවරයාට ව්‍යවස්ථාව කඩන්න බැරි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment