කම්බි කූරු වලින් තැනූ කපුටු කූඩුවක් නිසා ඇල්පිටියේ ගින්නක්

ඇල්පිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට විදුලි කණුවක කපුටු කුඩුවකට යොදාගෙන තිබූ කම්බි කූරකින් කම්බි
දෙකක් සම්බන්ධවී ගිනි
ඇවිළීමක් නිසා ඇල්පිටිය නගරයේ මහත් කලබලයක් සිදුව ඇත. විදුලි කණුවෙන් සිව් දෙසටම වයර් සම්බන්ධ කර තිබූ අතර ඒ අවස්ථාවේ ඇල්පිටිය නගරාසන්න ප්‍රදේශයක විදුලිබල මණ්ඩලයේ සේවකයන් සිටි බැවින් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව නගරවාසීහු පැවසූහ.

විදුලිබල මණ්ඩල සේකයෝ පැමිණ කපුටු කූඩුව කපා ඉවත් කිරීමට පියවර ගත්හ. එම කපුටු කූඩුව සකසා ඇ ත්තේ කම්බිවලින් පමණක් බැව් විදුලි සේවකයෝ පැවසූහ.

ඩී.පී. අමරසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment