වැසිකිළියට ගිය ඉන්දීය තරුණියගේ ඡායාරූප ගැනීමට තැත්කළ හෝටල් සේවකයා අතුඅඩංගුවට

වැසිකිළිය තුළට ජංගම දුරකථනයක් ඇතුළු කර ඉන්දියානු ජාතික තරුණියකගේ ඡායාරූප ගැනීමට තැත්කළ බව පැවසෙන පුද්ගලයෙකු පෙරේදා (07)දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි
හෝටලයක සේවකයෙකු ලෙස කටයුතු කරන, බදුල්ල, හම්බාවෙල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඉන්දියානු ජාතික තරුණිය තම මව, පියා හා සහෝදරයා සමග මෙරටට පැමිණ වැල්ලවාය ප්‍රදේශයේ

පිහිටි හෝටලයක ලැගුම්ගෙන තිබේ.

ඇය පෙරේදා (07)දා රාත්‍රියේ අදාළ හෝටලයේ ප්‍රධාන ශාලාවේ පිහිටි වැසිකිළියකට ගොස් සිටි අවස්ථාවක සැකකරු සිය ජංගම දුරකථනය ඇතුළු කර ඇය ඡායාරූපගත කිරීමට තැත් කර ඇතැයි පොලීසිය පවසයි.

පසුව ඉන්දියානු ජාතික තරුණිය මේ පිළිබඳ අදාළ හෝටලයේ කළමනාකාරීත්වයට පැමිණිලි කිරිමන් පසුව වැල්ලවාය පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය  පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පක්ෂණ පවත්වති.

-නයනජීව බන්ඩාර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment