මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.  මානුෂීය
මෙහෙයුමේ අවසන් සටනේදී 58 වැනි
සේනාංකයට නායකත්වය ලබාදෙමින් තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට දායකත්වය දැක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 වසරේදී යුද හමුදාවට එක්ව තිබෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

1964 ජූනි 22 වැනිදා උපත ලද ශවීන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක ඉගෙනුම ලබා තිබේ.

 වීරවික්‍රම, විභූෂණ, රණශූර පදක්කම් හා උත්තම සේවා පදක්කම් ඇතුළු පදක්කම් රාශියකින් ඔහු පිදුම් ලබා තිබේ.

මේජර් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා 53 වැනි මාණ්ඩලික ප්‍රධානියා වන අතර, එම තනතුර යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment