"UNPකාරයෝ තණ්හාකාරයෝ,ශ්‍රීලංකාකාරයෝ ඉරිසියාකාරයෝ, JVPකාරයෝ කුහකයෝ"


"ඇමති ධූරයක් නෑ කියලා මගේ කිසිම කලකිරීමක් නෑ. සාමාන්‍යයෙන් UNPකාරයෝ තණ්හාකාරයෝ.. ශ්‍රීලංකාකාරයෝ ඉරිසියාකාරයෝ...JVPකාරයෝ කුහකයෝ..." යයි ආණ්ඩුවට සහයදීමට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා පැවසිය.

තමන් වත්මන් ආණ්ඩුව සමග එක්වුවද රටට අහිතකර කිසිදු යෝජනාවකට තමන් සහාය නොදක්වන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

මහනුවරදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

තමන් රටේ කිසිදු නායකයෙකුට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළ අයෙකු නොවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment