සේනා දළඹුවා අම්පාරේ අක්කර 35,000ක් විනාශ කරලා

අම්පාර ප්‍රදේශයේ අක්කර 35,000ක බඩ ඉරිගු වගා 'සේනා දළඹුවා' විනාශ කර අවසන් බවත් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල හා මොනරාගල ප්‍රදේශවලට  එම දළඹුවා බෝවී ඇති බවත් කෘෂිකර්ම
දෙපාර්තමේතුව පවසයි.
මෙම දළඹුවාට අක්කර 1000ක වගාවක් එක දවසකින් විනාශ කිරීමට හැකියාවක් පවතින බවත් කිලෝමීටර් 100ක දුරක් සලඹ අවස්ථාවේදි පියඹා හැකි බවත් පෙන්වා දෙන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එක් වරකට ගැහැනු සේනා දළඹුවා බිත්තර 200ක් පමණ දමන බවයි.

එම නිසා ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම සේනා දළඹුවා මර්දනය කිරීමේ අභියෝගයක් වී ඇති අතර මේ සඳහා මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 4ක් නිර්දේශ කර ගොවින්ට එම කෘමිනාශකය ලබා ගැනීමට 50% සහනාධාරයක් ලබා දී ඇති බවත් සදහන් කරයි.


-නුවන් හෙට්ටිආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment