රූකාන්ත ඇතුළු 10කට එජාප සංවිධායක ධුර.


එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් දස දෙනකුට පත්වීම් ලිපි භාරදීම අද (11වැනිදා) දහවල් සිදු කිරීමට නියමිත අතර එහිදී ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඇතුළු තවත් නවදෙනකුට අලුතින් ආසන සංවිධායක තනතුර ලබාදීමට කටයුතු යොදා තිබේ.

මෙම පත්වීම් ලිපි ලබාදීම එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.

මෙහිදී මීගමුව ආසනයේ ප්‍රධාන එජාප සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය යටතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නව ආසන සංවිධායකයන් දස දෙනා පත්කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment