රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා : ඇමති රිෂාඩ්ගෙන් එන්තරවාසියක්.


අභූත චෝදනාවක් කරමින් සිය කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන ලසන්ත වික්‍රමසිංහගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එන්තර වාසියක් යවා තිබේ.

නීතිඥ සංදීප ගමඇතිගේ හරහා යොමුකර ඇති මෙම එන්තරවාසියට හේතුවී ඇත්තේ වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත ඒවා බව පවසමින් බදු සහන ලබාගෙන ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක රිෂාඩ් අමාත්‍යවරයා හා ඔහුගේ සොයුරා සම්බන්ධ බවට ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

පසුගිය දිනවල රේගු අධ්‍යක්ෂවරිය එම තනතුරින් ඉවත්කිරීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇතිබවත් එයට ආසන්නම හේතුව ලෙස මෙම ආනයනික ගම්මිරිස් තොගය හා සිදුවීමක් සම්බන්ධ බවටත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු මෙම ව්‍යාපාරය පසුපස ඇතිබවත්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන පුද්ගලයා විසින් පසුගිය 06 වැනිදා වෘත්තිකයන්ගේ ජාතික පෙමුණ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment