මදුෂ්ගේ බැංකු තැන්පතු වටිනාකම බිලියන 10 ඉක්මවයි

https://www.gossiplankanews.com/2019/02/10-billion-madush.html
ඩුබායිහිදී මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය  මෙම පාතාල නායකයා මත්ද්‍රව්‍ය කප්පම් මිනීමැරුම් මගින් උපයාගත් වත්කම් ගැන
පරීක්ෂණ සිදු කළ අතර ඔහුට

ලංකාවේ සහ ඩුබායිහි බැංකු ගිණුම් 23 ක් තිබෙන බව දැනට සොයාගෙන තිබේ. ඒ වත්කම් වල මුළු අගය රුපියල් බිලියන 10 ඉක්මවා ඇතැයිද  ත්‍රස්ත විමර්ශන ඒකකය  දන්වා සිටී.

මෙම මුදල් බැංකු ගිණුම් වලට හරවීම් ලෙස වාර්තාවෙද්දී ඔහු ඒවා බැරවීම් ලෙස ආයෝජනය කර තිබෙන අවස්තා කිහිපයක්ද හමුවන බවත් එම ආයෝජන පිලිබඳ දැනට කෙරී තිබෙන විමර්ශන අනුව ඒවා බොහොමයක් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා යොදා ඇති බවද වාර්තා වී තිබේ. ඔහු ගමේ පන්සලක ගොඩනැගිලි ඉදිකිරීමක් වෙනුවෙන් වියදම් කළ මුදල් ගැන පසුගිය දිනවල කථාබහක්ද පැවතිණි.

ඔහුගේ ළඟම සගයා කංජිපානි ඉම්රාන් මිනිසුන් යොදවා කොළඹ තට්ටු ගනනකින් යුත් විශාල නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර ඒ සඳහා මුදල් ආයෝජනය සිදු කර ඇත්තේද මදුෂ්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment