කුඩු කිලෝ 110යේ අයිතිකරු එල්ලුම් ගහට නියම වූවෙක්ලු

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැල්ලවත්ත සහ පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 110ක තොගයෙහි හිමිකරු වන්නේ
දැනට එල්ලුම්ගහට නියමවී
සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එල්ලුම්ගහට නියම වී සිටින ගේබ්‍රියල් කැමිලස් මුල්පෙලෙයි නමැති මේ තැනැත්තා 2010 වසරේදී හෙරොයින් කිලෝ එකක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ වන විටත් එම ජාවාරම්කරුට හෙරොයින් නඩුවකට අදාළව වරෙන්තු නිකුත් වී තිබිණි.

2010 වසරේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වූ අතර 2016 වසරේදී මෙම ජාවාරම්කරු එල්ලුම්ගහට නියම කෙරිණි. බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වෙමින් මෙම ජාවාරම්කරු මෙකී හෙරොයින් ජාවාරම දිගටම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

-චාමර අමරසූරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment