ආනයනික පොල් තෙල් වර්ග රැසක්ම කෑමට අහිතකරයිලු

මෙරටට පරිභෝජනය සඳහා ගෙන්වන පොල් තෙල් වර්ග 134 කින් බහුතරයක් පරිභෝජනයට තබා ශරීරයේ තවරා ගැනීමටවත් සුදුසු නැතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය රූපසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.

මෙම ආනයනික තෙල් වර්ගවලින් පොල් සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණයට ලක්වන්නේ තෙල් වර්ග 23 ක් බවත් නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා කුමන තෙල් වර්ග රටට ගෙන්වනවා දැයි යන්න නිශ්චිත තොරතුරු තම මණ්ඩලයට නොලැබෙන බවත් ඒ මහතා කීය.

මෙම නුසුදුසු

තෙල් වර්ග භාවිතයෙන් කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පිළිකා වැනි භයානක රෝගවලට ගොදුරුවීම වැඩිවී ඇති බව පැවසූ හෙතෙම රටට ගෙන්වන තෙල් වර්ග සම්බන්ධයෙන් රේගුව තම මණ්ඩලය දැනුවත් කරන්නේ නම් පොල් සංවර්ධන මණ්ඩලයට ඒ ගැන සොයා බැලීමට හැකි බවද කීවේය.

මේ වන විට වෙළෙඳපොළේ දේශීයව නිපදවන පොල්තෙල් වර්ග කිහිපයක් පවතින බවත් ඒවා පරිභෝජනයට ජනතාව පුරුදු විය යුතු බවත් රූපසිංහ මහතා කීය. විදේශයෙන් ගෙන්වන පොල්තෙල් වර්ගවල ගුණාත්මකභාවය සොයා වැටලීම් කළත් ඒවා නිෂ්පාදනය කරන ස්ථාන නොදන්නා නිසා නීති ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ ඇතිවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

-චමින්ද සිල්වා, ජූඞ් ඩෙන්සිල් පතිරාජ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment