රේගු අධ්‍යක්ෂ ජනරාල් නැවත මාස 3 කට සේවයේ පිහිටුවයි

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ. අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මත මෙය සිදුව ඇත.
පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ
තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වූ අතර මෙම තීරණය ඇමති මංගලගේ වැරදි තීරණයක් බවට විවේචන පළවිය.
 සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර තිබීම මත වැඩ වර්ජනය දිගින් දිගටම සිදුවෙද්දී අද ඇමති මංගල හා එම මහත්මිය අතර සාකච්ඡාවක්ද පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (5) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කර මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇත.
ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත මාස 3 කට එම ධූරයට පත්කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment