අදින් පස්සෙ ඔය කොම්පැනි ගමට ආවොත් ගහලා එල්ලන්න - ඩඩ්ලි සිරිසේන

මිනිසුන් ණය කරන, මිනිසුන්ගේ ලේ උරා බොන ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතුළු සියලූ ආයතනවලට එරෙහිව පුළුල් ජනතා බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව ජනපති සොයුරු, ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පසුගියදා පොලොන්නරුවේදී පැවසීය.

 ඔහු ඒ බව කියා සිටියේ තමන් අධ්‍යාපනය ලැබූ පාසලක් වන පොලොන්නරුව, සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ නිවාසාන්තර ක‍්‍රීඩා උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

 දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයක්, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ ග‍්‍රාම නිලධාරි වසමක් පාසාම ගොස් ඒ මෙහෙයුම දියත් කිරීමට සංවිධානය වන බවත් අදින් පසුව ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවල නියෝජිතයින් ගමට ආවොත් ගහලා එල්ලන්න කියා තමන් ඉල්ලා සිටින බවත් සිරිසේන මහතා එහිදී පැවසීය.

 එහිදී තව දුරටත් කතා කළ ඩඞ්ලි සිරිසේන මහතා මෙසේද කීය.

 ''මට දවසකට ටෙලිෆෝන් කෝල් 100 ක් ආවොත් 80 ක් එන්නේ ගේ විකුණන්න තියෙනවා ගන්නවද කියලා. මෙන්න මේ විදියට ව්‍යාපාරිකයන්ගේ සැලසුම් කරපු ව්‍යාපාර විනාශ වෙලා. යාන වාහන විනාශ වෙලා. සේවකයන්ගේ රැකියාව නැතිවෙලා.
ව්‍යාපාරිකයෝ අවසාන වශයෙන් ජීවත්වෙන තමන්ගේ නිවස බැංකුවට පවරා ගන්න ආර්ථික තත්වයක් ඇතිවෙලා. දරුවන්ගේ අනාගතය විනාශ කරන මිනිසුන්ගේ ලේ උරාබොන නිදහස් කොම්පැණි, බැංකු ඔය වගේ සියලූ ආයතනවලට විරුද්ධව අපි ඉතාමත් ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනගනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් විපක්‍ෂ නායක තුමාගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරනවා. මේ රටේ අපේ කාලය ඉවරයි නමුත් රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් මුහුණ පාලා තිබෙන මේ ප‍්‍රශ්නය වෙනුවෙන් යහපත් යෝජනාවක් මේ අපේ‍්‍රල් මාසයට පෙර ක‍්‍රියාත්මක කළේ නැතිනම් මේ රට තුළ ඊට විරුද්ධව විශාල බලවේගයක් ගොඩනගනවා.

 ව්‍යාපාරිකයෙක් විදියට මට කෑවා බිව්වා ඇති ඇඳුම් පැළඳුම් මට ජීවත් වුණත් ඇති. මේ රට වෙනුවෙන් ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණය කරන ඕනෑම අපේක්‍ෂකයෙකුව මම මේ සංවිධානය කරන බහුජන සංවිධානය රට තුළ බිහිකරන මහජන බලවේගය ඒ ඕනෑම කෙනෙකුට සහයෝගය අවශ්‍ය නම් විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ගේ මේ රටේ ජීවත්වෙන අහිංසක දෙමාපියන්ගේ ණය බරට සරිලන පිළිතුරක් හදලා, ඒවාට විසඳුම් දීලා ඒ කටයුතු කරන්න. කියා ඉල්ලා සිටිනවා.''
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment