අප්‍රේල් මස සිට උප්පැන්නේට ට්‍රාන්ස්ලේෂන් ඕන නෑ - භාෂා 3 න්ම දෙනවා

ශ්‍රී ලංකාව තුළ උපත ලබන දරුවන් සඳහා උප්පැන්න සහතික නිකුත් කිරීමේදී එය සිංහල හෝ දෙමළ එක් භාෂාවකින් නිකුත් කිරීම පසුගිය කාලයේ සිදුවිය. යම් යම් අවශ්‍යතා සඳහා මෙන්ම විදේශ ගතවීමේ
කටයුතුවලදී ඉංග්‍රීසියෙන්
එහි පිටපතක් ලබාදීම රජයෙන් සිදු නොවූ අතර පුද්ගලිකව දිවුරුම් පරිවර්තකයෙකු ලවා එය කරවාගත යුතුවිය.
මෙම අපහසුතාවයන් මගහරිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ප්‍රකාශ කළේ, එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. නිකුත් කීරිමට නියමිත නව උප්පැන්න සහතිකය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නිකුත් වීමටද නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment