දින 45 කදී මත්ද්‍රව්‍ය සැකකරුවන් 11,000ක් අත්අඩංගුවට



2019 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය පිළිබද සැකකරුවන් එකොළොස්දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් හොද
ප්‍රවණතාවක් වන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතා  කළ විමසීමකදී පැවසීය.  ඒ අනුව 2019 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 224කුත් ග්‍රෑම් 83ක් සමග සැකකරුවන් 5,357ක්, ගංජා
සහ කෙරළ ගංජා කිලෝග්‍රෑම් 681කුත් ග්‍රෑම් 460ක් සමග සැකකරුවන් 5,271ක්, හෂීස් ග්‍රෑම් 66කුත් මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවන් 12ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 1කුත් ග්‍රෑම් 06ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ධනපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ දෙනිකව හෙරොයින් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් හෝ තුනකට ආසන්න ප්‍රමාණයක් භාවිත කෙරෙන අතර ඒ සදහා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සැපයුම්කරුවන් මෙරටට ගෙන්වන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය කළ වැටලීම් හේතුවෙන් මත්ද්‍රව්‍ය සැපයුම් අඩාළ වන බවත් ධනපාල මහතා පැවසීය.  මේ හේතුවෙන් විස මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවන් පිළිබද සහ බෙදා හරින්නන් පිළිබඳ 1984ට අමතා දැනුම් දීමෙන් මත්ද්‍රව්‍ය නිවාරණයට සහයෝගය ලබා දෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බව ධනපාල මහතා වැඩිදුරටත් පැවසීය.

-නිර්මාණි බණ්ඩාරනායක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment