පාතාල මැරයින් 50 දෙනෙකුගේ දේපළ රාජසන්තක වෙයි?

මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන්  පනහකට ආසන්න පිරිසකගේ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.

මොවුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනටමත් විර්ශන අරඹා ඇතැයිද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ  වී තිබෙන බව
කී ඒ නිලධාරියා, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගෙන ඇති වත්කම් හා දේපළ පිළිබඳව මෙමගින් සොයා බැලෙන බව ද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්කර මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ. පාතාලකරුවන් පනහකගේ පමණ වත්කම් පිළිබඳ විමර්ශනයක් අරඹා ඇති බවයි.

කෙසේ වෙතත් ඒ පාතාලකරුවන් කවුරුන්දැයි දැන්ම හෙළි කළ නොහැකි යැයි කි ගුණසේකර මහතා, මේ අය අයථා ලෙස වක්කම් රස්කර ඇති බව තහවුරු කරගත් වහා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර අධිකරණ නියෝග මගින් පාතාලකරුවන්ගේ හා මක්කුඩු ජාවාරම්කරුවන්ගේ හිමිකම් තහනම් කිරීමට හෝ රාජසන්තක කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පාතාලකරුවන් දෙදෙනකුගේ දේපළ මෑතකදී තාවකාලිකව තහනම් කළ බව ද රුවන් ගුණස්කර මහතා පැවැසීය.

-සුජිත් හේවාපුලිගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment