එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි බාරවීමෙන් පසු අත්අඩංගුවට


පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
චමින්ද විජේසිරි මහතා
භාරවීම සඳහා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා , ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු අතර ගැටුමක් ඇතිවූයේ පසුගිය ඉරිදායි.
එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණ.
තමාට ද පහරදීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගැනිණ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment