අවුරුදු 70 ක් වූ තම මවට අතවරයකට යෝජනා කළ ලොකු පුතා (අවුරුදු 46) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කුරුණෑගල
පොලිස් වසමේ මල්කඩුවාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් එකම නිවසේ පදිංචි වී සිටින බවත් දෙදරු පියෙකු වන වැඩිමහල් පුතා අවුරුදු 70 පමණ තම මවට අනවශ්‍ය යෝජනාවක් කළ මොහොතේ ඇය කුරුණෑගල මූලස්ථාන පොලිසියට වහා පැමිණ පැමිණිලි කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති නේරංජලා ජයකොඩි මහත්මිය පැවසුවාය.
වැඩිමහල් පුතා යැයි පවසන මොහුගේ බිරිඳ මොහුගෙන් වෙන් වී විදේශ ගත වී සිටින බවත් මොහුගේ වැඩිමහල් ගැහැණු දරුවා මොහු විසින් 2010 වසරේ අපයෝජනයට ලක්කර තිබෙන බවත් මෙම සිදුවීම මත නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර තිබෙන බවත් පොලිසිය පැවසීය.
-ආර් එම් ඩබ්ලිව් බණ්ඩාර කුරුණෑගල-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment